වත්මන් කෑගල්ල නගර සභාව මගින් පාලනය වන එම නගර සභා බල ප්‍රදේශයේ ජනතාවගේ දැනුම් පිපාසය සන්සිඳවීමේ මුඛ්‍ය පරමාර්ථයෙන් ආරම්භ කර ඇති මෙම මහජන පුස්තකාලයේ ආරම්භය විසි වන දශකය දක්වා ඈත අතීතය දක්වා දිව යයි..
1920 දී local board නමින් හැඳින්වූ ප්‍රාදේශීය මණ්ඩල ගොඩනැගිල්ලේ කුඩා කොටසක පළමුවෙන්ම පුස්තකාලය ආරම්භ කර ඇත.
ජාතික කියවීමේ මාසය 2004 වසරේදී ප්‍රකාශයට පත් කරන ලදී. ප්‍රකාශිත පොත් සඳහා ජනතාව අතර ප්‍රචාරයක් ලබා දීම සහ පොත් කියවීමට ජනතාව දිරිමත් කිරීම/ පෙළඹවීම අරමුණු කරගනිමින්, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය, සංස්කෘතික කටයුතු සහ ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය සමඟ එක්ව ඔක්තෝබර් මාසය “ජාතික කියවීමේ මාසය” ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.